General09 July 2026

කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු: 5ක් තවමත් රෝහලේ

කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාර්තා වී ඇති තහවුරු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71 වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කළා.

එසේම මේ මොහොත වන විට රෝගීන් 5 දෙනෙකු රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බවයි උප කුලපතිවරයා පැවසුවේ.

රෝහල් අතර දිගින් දිගටම සන්නිවේදනය කරමින් රෝගී සිසුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් ඩෙංගු රෝගී සිසුන් වැඩි පිරිසක් සිටින බවට වාර්තා වී ඇති බවත්, ඒ හේතුවෙන් එම පීඨය සහ ඒ පරිශ්‍රයේ ඇති පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් මාර්ගගත ක්‍රමයට හෝ දෙමුහුං ක්‍රමයට සිදු කිරීමට තීරණය කළ බවත්, උප කුලපති පැවසුවා.

ඩෙංගු වැළඳී තිබෙන, දැනට රෝහල් ගතවී සිටින සහ එම රෝගය වැළඳී සුවවී සිටින සිසුන්ගේ සුභසාධනය උදෙසා මෙසේ සතියක කාලයකට දේශන පැවැත්වීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes