General09 July 2026

ලිදුල නාගරික මන්ත්‍රින් දෙදෙනාගේ ගැටුම ගැන පොලිසියට පැමිණිලි

තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර, අද (09) එම නගර සභාව තුළදී ඇති වූ බහින්බස් වීමක් සහ ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇතැයි තලවකැලේ පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවා.

කඳුරට ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු අතරයි මෙම බහින්බස් වීම සහ ගැටුම හටගෙන ඇත්තේ.

මෙම නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා අතර කාලයක් තිස්සේ බහින්බස් වීම් ඇති වී තිබූ බවත් අද පැවති මාසික නගර සභා රැස්වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයේ
නාගරික මන්ත්‍රීවරයා විසින් නාගරික මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීවරයා
සභා වාරය අවසන් වීමෙන් පසු එයට විරෝධය පෑමට යැමේදී මෙම ගැටුම ඇති වී ඇති බවයි පැවසෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes