International10 July 2026

ට්‍රම්ප් ඝාතනයට ඉරානය හැදූ අලුත් කුමන්ත්‍රණයක් ගැන ඊශ්‍රායලය අමෙරිකාවට කියයි

ඉරානය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා නව සැලසුමක් සකස් කර ඇති බවට ඊශ්‍රායලය එක්සත් ජනපදය වෙත බුද්ධි තොරතුරු ලබා දී ඇති බව ආරංචි මාර්ග දෙකක් CNN පුවත් සේවයට පවසා ඇති බව එම පුවත් සේවය සඳහන් කරනවා.

දෙරට අතර ඇති කරගෙන තිබූ සටන් විරාම ගිවිසුම දැඩි අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම තොරතුරු හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් වී ඇති බව සඳහන්.

ආරංචි මාර්ගයකට අනුව, මෙම අනතුරු ඇඟවීම ලැබී ඇත්තේ මේ සතියේදීයි.

තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ, ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුම් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ අමෙරිකානු බුද්ධි අංශ වෙත අඛණ්ඩව තොරතුරු ලැබෙමින් තිබූ නමුත්, ඊශ්‍රායලයෙන් ලැබුණු අනතුරු ඇඟවීම අලුත් එකක් වන අතර එය නිශ්චිත කුමන්ත්‍රණයකට අදාළ වන බවයි.

කෙසේ වෙතත්, අනෙකුත් අමෙරිකානු නිලධාරීන් අනුමාන කරන්නේ ඉරානයට එරෙහිව අමෙරිකානු මිලිටරි ක්‍රියාමාර්ග දැඩි කළ යුතුද යන්න පිළිබඳව ට්‍රම්ප් ගන්නා තීරණවලට බලපෑම් කිරීම සඳහා ඊශ්‍රායලය මෙම වාර්තාව ඉදිරිපත් කරන්නට ඇති බවයි.

ඊශ්‍රායලය අනතුරු ඇඟවූ මෙම කුමන්ත්‍රණයේ විස්තර මෙතෙක් පැහැදිලි වී නොමැති අතර, මෙම කරුණ පිළිබඳව දන්නා ආරංචි මාර්ග දෙකක් පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමට පෙර අමෙරිකාව විසින් මේ පිළිබඳව සොයා බැලීමක් හෝ ස්වාධීනව තහවුරු කර ගැනීමක් කර නොතිබූ බවයි.

2020 වසරේදී ට්‍රම්ප්ගේ නියෝගය මත ඉරාන ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු වූ කාසෙම් සොලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඉරානය ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ හැකි බවට අමෙරිකානු රජය දිගු කලක සිට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.




Related recommendation
Hiru TV News | Programmes