General10 July 2026

ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

එමගින් ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වන අතර, පුද්ගලයින් 91,810 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම ද මේ හරහා සිදු කරනු ඇති.

මේ අතර, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes