General10 July 2026

ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට

ස්පාඤ්ඤයේ ගිනිකොනදිග අල්මේරියා (Almería) පළාතේ ලොස් ගයර්ඩොස් (Los Gallardos) ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මියගිය පිරිසෙන් කිහිපදෙනෙකු සොයාගෙන ඇත්තේ ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම දැවී ගිය වාහන තුළ තිබියදීයි.

ඇද වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර, එය අසල පිහිටි වනාන්තර ප්‍රදේශයකට ශීඝ්‍රයෙන් පැතිර ගිය බවයි ඇසින් දුටුවන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත්, බලධාරීන් මෙතෙක් ගින්නට හේතුව නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම සෙල්සියස් අංශක 40ක් පමණ වන උණුසුම් කාලගුණයක් හේතුවෙන් මේ වන විට දකුණු යුරෝපය පුරා ලැව්ගිනි හටගෙන තිබෙනවා.

ප්‍රංශය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය පුරා හටගෙන ඇති ප්‍රබල ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සිය ගණනක ගිනි නිවන භටයින් සටන් වදිමින් සිටින අතර, දහස් සංඛ්‍යාත පිරිසකට තම නිවාස අතහැර යාමට සිදුව ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes