General10 July 2026

තේ කඩයක්වත් කරලා නෑ කියපු අනුර අවුරුදු 02න් බංකොලොත් රට ගොඩදැම්මා - කොට්ටහච්චි

මීගමුව බන්ධනාගාර සිදුවීම ආණ්ඩුව, විපක්ෂය මෙන් සැහැල්ලුවෙන් ගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසනවා.

ඇය මේ බව සඳහන්කර සිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.

තේ කඩයක්වත් කර නොමැති බවට චෝදනා ලැබූ නායකයෙක් වසර 02ක් ඇතුළත ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගෙන ප්‍රගතිශීලි ගමනක් ගෙනැවිත් ඇති බවද මන්ත්‍රීවරිය සඳහන් කළා.

එමනිසා බන්ධනාගාරයක් බලාගත නොහැකි ආණ්ඩුවක් රටේ ජනතාව බලාගන්නේ කෙසේදැයි විපක්ෂය නගන ප්‍රශ්නයේ වලංගුභාවයක් නැමැති බවද මන්ත්‍රීවරිය පවසා සිටියා.

අදාළ සිදුවීමේ වගකීම ආණ්ඩුව භාරගෙන තිබියදී එය පටු දේශපාලන වාසි සඳහා විපක්ෂය විසින් යොදාගැනීම පිළිකුළින් යුතුව හෙළා දකින බවයි නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes