General10 July 2026

අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටුකිරීමට අපොහොසත් වූ බැවින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (10) තීරණය කර තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ දී අත්සන් තැබීමට කටයුතු කළා.
Related recommendation
Hiru TV News | Programmes