වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු දෙයක් බවට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙරට දරු උපත් සංඛ්‍යාව පහළ ගොස් ඇති බවයි.
විවාහ වන වයස ඉහළ යෑම, විවාහ අනුපාතය පහළ යෑම, විවාහ වෙන්වීම් සහ දික්කසාද ප්‍රමාණය ඉහළ යෑම, ජීවන වියදම වැඩිවීම, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවය, දරුවන් දැඩි කිරීම පිළිබඳ වියදම් අධික වී ඇති බවට සමාජය තුළ පවතින මතය, කොවිඩ් වසංගතයේ ඇතිවුණු කම්පනය සහ තරුණ තරුණියන් රට අතහැර යෑම මීට හේතු විය හැකි බවටයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය නිසා ඉදිරියේදී මේ රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තරුණ ජනගහනය නොමැති වන බවයි ඔහු පවසන්නේ.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා,
''මේ රටේ දරුවෝ උපදින් නැත්නම්, ප්‍රමාණවත් තරම් දරු උපත් සංඛ්‍යාවක් නැත්නම්, මේ රටේ දැනටමත් තිබෙන පාසල් දස දහසට ප්‍රමාණවත් තරම් දරුවෝ නැත්නම් අපි දැනටමත් ගොඩනගලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ධාරිතාවට ගැලපෙන ප්‍රමාණයේ දරුවන් ඉදිරියේ එන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම සාමාන්‍ය විද්‍යාවේදී උපාධි සහ ශාස්ත්‍රවේදී උපාධිවලට ප්‍රමාණවත් තරම් ළමයි සංඛ්‍යාවක් දැන් ඇතුලත් වෙන්නේ නැහැ.
මේක ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. මොනවද අපිට මේ ගැන කරන්න පුළුවන්? මේ සඳහා යැපෙන දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම් කරන්න ඕනේ. ළමයි ඉන්න පවුල්වලට විශේෂයෙන් සලකන්න ඕන. ඒ ඒ අයව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී ප්‍රදානයන් ලබලා දෙන්න ඕනේ. ලෝකයේ මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නහම ඒ රටවල් කරලා තියෙන ක්‍රමයක්.
ඒ වගේම මාතෘ පිතෘ සහ දෙමාපිය නිවාඩු ප්රතිලාභ ඉහළ දැමීම. අම්මට, තාත්තට දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ. ළමයි හදන්න දිරිමත් කරන්න ඕනේ. දරුවෙක් ඉපදුනාම ඇතිවන ඒ අභියෝගයන් වලට මුහුණ දීම සඳහා රජය ශක්තිය ලබලා දෙන්න ඕනේ. ළමා සුරැකුම් සේවා සහ මුල් ළමාවිය සංවර්ධන සේවාවන් වලට යන වියදම අඩු කරන්න රජය විශේෂිත වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ.
ඒ වගේම තරුණ පවුල් සඳහා නිවාස ආධාර ක්‍රම හෝ සහනදායි නිවාස ණය පහසුකම්. ඒ කියන්නේ දරුවෝ වැඩි වැඩියෙන් ඉන්නකොට ණය පොළිය අඩු කරන්න ඕනේ. සහන ලබා දෙන්න ඕනේ.
ඒ වගේම තරුණ යුවළ සඳහා විශේෂයෙන්ම දරුවන් ලබන දරුවන් සිටින පවුල්වලට මේ ආරක්ෂාව ලබලා දෙන්න ඕනේ. වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු, අගය කළ යුතු දෙයක් බවට පත් කරන්න ඕන.''

Latest News
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026