General11 July 2026

කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ පක්ෂියෙකු ගැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම ගුවන්යානය මේ වනවිට හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුව ආරක්ෂිතව යළි කටුනායකට ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙම යානයෙන් මගීන් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes