International11 July 2026

තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි

තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන තමන්ව ඝාතනය කිරීමට හෝ ඝාතනය කිරීමට තැත් කිරීමට ඉරාන රජය පියවර ගතහොත්, ඊට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල 1,000ක් මේ වන විටත් ඉරානය දෙසට එල්ල කර සූදානම් මට්ටමින් පවතින බවයි.

ඊට අමතරව තවත් මිසයිල දහස් ගණනක් සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

මේ සඳහා වන හමුදා නියෝග දැනටමත් ලබා දී ඇති බව පවසන ට්‍රම්ප්, ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට අමෙරිකානු හමුදාව සූදානමින් සිටින බව අවධාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes