International12 July 2026

කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැත්වුණු ප්‍රසිද්ධ සංස්කෘතික වීදි උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහුව කොටුකර ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

ටොරොන්ටෝ නුවර පැවැත්වෙන විශාලතම ලතින් සංස්කෘතික උත්සවයක් වන ‘සල්සා ඔන් සෙන්ට් ක්ලෙයාර්’ (Salsa on St Clair) වීදි උත්සවය අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තාවලට අනුව, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පස් දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබුණා.

තුවාල ලැබූ සෙසු පිරිස වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes