International12 July 2026

ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්

ඕමානයේ Duqm වරායේ පිහිටි අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට (US aircraft carriers) අවශ්‍ය සැපයුම් සපයන ලොජිස්ටික් මධ්‍යස්ථාන සහ ඉන්ධන පිරවුම් වේදිකා ඉලක්ක කර ගනිමින් තමන් "දැවැන්ත සහ හදිසි" ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදේශීය පුවත් සේවා වාර්තා කරන්නේ, මෙම ප්‍රහාර මඟින් අදාළ අමෙරිකානු හමුදා සැපයුම් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට තමන් සමත් වූ බව ඉරාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළ බවයි.
Related recommendation
Hiru TV News | Programmes