තංගල්ල, මාවැල්ල වෙරළ තීරයේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ (11) පස්වරුවේ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස දියෙහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, ගොඩැල්ලවෙල පදිංචිව සිටි ජුවානා හැන්නදිගේ චමිදු දිල්ෂාන් නමැති දහනව හැවිරිදි තරුණයෙක්.
මියගිය තරුණයා ඉකුත් (09) වැනිදා දහවල් කාලයේදී තංගල්ල මාවැල්ල වෙරළ තීරයේ බිලී පිත්තක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිට ඇති අතර, එහිදී හදිසියේ පැමිණි ප්‍රබල රළ පහරකට හසුව ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළද ඔහුව සොයා ගැනීමට හැකි වී නැත.
කෙසේ වෙතත්, ඊයේ (11) පස්වරුවේ මාවැල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබූ තරුණයාගේ සිරුර මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශයේ ධීවරයන් පිරිසක්.
මෙම දියෙහි ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Latest News
ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
Local
12 July 2026
ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්
Local
12 July 2026
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026