General12 July 2026

වන අලි ප්‍රහාරයකින් ලග්ගලදී කතක් මරුට

 
ලග්ගල, කිවුලවාඩිය ප්‍රදේශයේදී ඊයේ (11) දහවල් සිදු වූ වන අලි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක මියගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කිවුලවාඩිය ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්.

මියගිය කාන්තාව අසල පිහිටි නිවෙසක් වෙත ගමන් කරමින් සිටියදී, කිවුලවාඩිය කරමාන මාර්ගයේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය විසින් සිදු කරනු ලැබූ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇයව ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes