ලග්ගල, කිවුලවාඩිය ප්‍රදේශයේදී ඊයේ (11) දහවල් සිදු වූ වන අලි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක මියගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කිවුලවාඩිය ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්.
මියගිය කාන්තාව අසල පිහිටි නිවෙසක් වෙත ගමන් කරමින් සිටියදී, කිවුලවාඩිය කරමාන මාර්ගයේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය විසින් සිදු කරනු ලැබූ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇයව ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Latest News
2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් ලග්ගලදී කතක් මරුට
Local
12 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු
Local
12 July 2026
ගුටිබැට ගැටුම් මැද මදුරන්කුලිය කඩයමොට්ට සමූපේ බලය පොහොට්ටුවට:
Local
12 July 2026
ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
Local
12 July 2026
ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්
Local
12 July 2026
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026