තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
X සමාජ මාධ්‍ය ජාලයේ පළ කර ඇති වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ මිනිසුන් කෑගසමින් සහ ඇද වැටෙමින් එම ස්ථානයෙන් පලා යන විට, මත්පැන්හල තුළින් විශාල ගිනිදැල් මතු වන ආකාරයයි. එ
අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් සිද්ධිය වූ ස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මළ සිරුරු 27ක් සොයාගෙන ඇති අතර අනෙක් පිරිස රෝහල් ගත කර ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ.
ගිනි නිවන භටයින්ට පැය භාගයකට පමණ කාලයකදී ගින්න පාලනය කිරීමට හැකි වුවද, ඉන් සිදු වූ විනාශය ඉතා විශාලයි.
මියගිය 27 දෙනා අතර පිරිමින් 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින අතර තවත් 60කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
තායිලන්තයේ 'Thairath' පුවත් සේවය වාර්තා කළේ පුද්ගලයන් කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී එහි සංගීතය සපයමින් සිටි සංගීතඥයෙකුගෙන් තමා සිදුවූයේ කුමක්දැයි විමසූ බව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසුවා.
"ඔහු පැවසුවේ ප්‍රධාන විදුලි ස්විචය අසල ගින්නක් හටගත් බවත්, ඉන් පසුව සියල්ල ඉතා වේගයෙන් සිදු වූ බවත්ය. එතැන පිපිරීමක් සිදු වූ අතර සැවොම දුමෙන් සහ ගින්නෙන් බේරීමට පලා යාමට උත්සාහ කළ බවයි. යනුවෙනුයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

Latest News
බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට
Local
13 July 2026
අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
Local
13 July 2026
විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව යළිත් ජැනික් සිනර්ට
Local
13 July 2026
බැංකොක් නුවර මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 27කට දිවි අහිමි වෙයි
Local
13 July 2026
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026