General13 July 2026

රිවොල්වරයකට සමාන ගිනි අවියක් සමඟ තරුණයෙක් දැලේ

රිවොල්වර වර්ගයේ ගිනි අවියකට සමාන ගිනි අවියක් ළඟ තබාගෙන සිටි තරුණයෙක් මහරගම, දුම්රිය මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ඊයේ (12) රාත්‍රී කාලයේදීයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහරගම, දුම්රිය මාවත ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes