තේ කර්මාන්තශාලාවකට දර ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එහි රියැදුරු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බගවන්තලාව පොලිසිය පවසනවා.
අදාල වතුයායේ පැළ තවානේ සිට තේ කර්මාන්තශාලාව දක්වා දර ප්‍රවාහනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ට්‍රැක්ටර් රථයේ එන්ජිම සහ ටේලර් රථය (පිටුපස කොටස) සම්බන්ධ වන ස්ථානය එකවරම කැඩී යාම නිසා ට්රැක්ටරය රියැදුරුගේ පාලනයෙන් මිදී මෙලෙස තේ වත්තට පෙරළී ඇති බවයි වතුයායේ පාලන අධිකාරිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ රියැදුරු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Latest News
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
Local
13 July 2026
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
13 July 2026
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
Local
13 July 2026
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026