පවතින ආර්ථික සහ සමාජයීය තත්ත්වයන් හේතුවෙන් මෙරට තරුණ පරපුර විවාහ වීම සහ දරුවන් ලැබීම ප්‍රමාද කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනගහන විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා ජනගහන සංගමයේ සභාපති මනෝරි කළුතන්තිරි වීරතුංග පවසනවා.
2026 ලෝක ජනගහන දිනය නිමිත්තෙන් ලිපියක් සකස් කරමින් ඇය පෙන්වා දෙන්නේ, මෙය පවුල් ජීවිතය ප්‍රතික්ෂේප කිරීමක් නොව වත්මන් ආර්ථික වටපිටාව හමුවේ තරුණ ප්‍රජාව දක්වන ප්‍රතිචාරයක් ලෙස වටහා ගත යුතු බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට උපත් අනුපාතිකය පහළ යෑම, ජනගහනය වයස්ගත වීම, තරුණ සංක්‍රමණය ඉහළ යෑම සහ පවුල් රටාවන් වෙනස් වීම වැනි කැපී පෙනෙන ජනගහන විපර්යාසයන්ට මුහුණ දෙමින් සිටින බවද මහාචාර්යවරිය සඳහන් කරනවා.
ජීවන වියදම ඉහළ යෑම, රැකියා අනාරක්ෂිතභාවය, දැරිය හැකි මිලකට නිවාස නොමැතිකම සහ වෘත්තීයමය පීඩනය වැනි කරුණු තරුණ පරපුරේ විවාහ සහ දරු උපත් පිළිබඳ තීරණ කෙරෙහි ඍජුවම බලපා ඇති බවයි සඳහන්.
බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට හෝ දෙමාපියන් වීමට පෙර මූල්‍ය ස්ථාවරත්වය, සුරක්ෂිත රැකියා, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන බවත්, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූවක් නොව ගෝලීය සමාජ-ආර්ථික වෙනස්වීම්වල පිළිබිඹුවක් බවත් ඇය පෙන්වා දෙනවා.
අධ්‍යාපන අවස්ථා පුළුල් වීම, කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ යෑම, සංක්‍රමණය සහ පවුල් මනාපයන් වෙනස් වීම වැනි කරුණු රැසක් මත මෙම උපත් අනුපාතිකයේ අඩුවීම තීරණය වන බැවින්, එය ක්ෂණික අර්බුදයක් ලෙස දැකීමට වඩා පුළුල් ජනගහන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ විමසා බැලිය යුතු බවද මහාචාර්ය මනෝරි වීරතුංග අවධාරණය කරනවා.
එබැවින් තරුණ පරපුර වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක්, යහපත් රැකියා අවස්ථා, දැරිය හැකි නිවාස, සෞඛ්‍ය පහසුකම් සහ පවුල් ජීවිතයට හිතකර සේවා පරිසරයක් නිර්මාණය වන පරිදි ප්‍රතිපත්ති සකස් විය යුතු බවත්, එය ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් වනු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
Local
13 July 2026
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
13 July 2026
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
Local
13 July 2026
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026