කාර්ය සාධනය පදනම් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
රාජකාරි සීමාව ඉක්මවා කැපවීමෙන් කටයුතු කරන වෘත්තිකයින් ඇගයීම සඳහා වන නිශ්චිත පිළිගත් ක්‍රමවේදයක් මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නොමැති බවත් එවැන්නක් හඳුන්වාදීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවා.
වකුගඩු බද්ධ කිරීමක්ද සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කමක් ලොව ප්‍රථම වතාවට සිදු කිරීම සඳහා දායකත්වය දැක්වූ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.
වැටුප් වර්ධක හා උසස් වීම් ලබා දීමේදී තමන් නිරත වෘත්තියේ කර්ය සාධනය ඇගයීමට ලක් කිරීමේ ක්රමවේයදයක් ලොව පුරා ක්‍රියාත්මක වන බවත් කාර්ය සාධනය පදනම් කරගත් එවැනි ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොතිබීම ගැටලුවක් බවත් ඔහු පැවසුවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ එකිනෙකට වෙනස් වෘත්තීන් 280 ක් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළා.
බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කම සඳහා දායකත්වය දැක්වූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තම රාජකාරි සීමාවද ඉක්මවා යමින් කැපවීමෙන් හා උනන්දුවෙන් සේවා ලබාදී තිබෙන බවත් එවැනි අය අගය කිරීම තුළින් ඔවුන් දිරිමත් වනවා පමණක් නොව සෙසු අයටද එවැනි කැපකිරීමක් සිදු කිරීම සඳහා පෙළඹවීමක් ඇතිවනු ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා.
Latest News
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026