International13 July 2026

දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්

යුරෝපා සංගමය දරුවන්ගේ සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය යෝජනාවක් සකස් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව යෝජනාවට අනුව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ, සීමිත කාල සීමාවන් සඳහා පමණක් වන පරිදි නීති පැනවීමටයි නිර්දේශ කර ඇත්තේ.

ළමුන් අන්තර්ජාලය තුළ මුහුණ දෙන අවදානම් සහ ඇබ්බැහිවීම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

යුරෝපීය කොමිසමේ සභාපතිනි (Ursula von der Leyen) ප්‍රකාශ කළේ, ඇල්ගොරිතම මඟින් දරුවන්ගේ පෞරුෂය හැඩගැස්වීමට පෙර, ඔවුන්ට සැබෑ ලෝකය තුළ ජීවත් වීමට සහ අත්දැකීම් ලැබීමට කාලය තිබිය යුතු බවයි.

මේ අනුව මෙම යෝජනාව ඉදිරි මාස කිහිපය තුළ නීතිමය කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes