General13 July 2026

වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට

මූතූර්, චිත්තන්තෙට්ටි ප්‍රදේශයේ සිදුවූ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාජන්වරයෙකු මහවැලි ගඟට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්තලේ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්තව සේවය කළ 41 හැවිරිදි නිලධාරියෙක්.

ඊයේ (12) රාත්‍රී 7.00ට පමණ නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් මෙම වැටලීම සඳහා ගොස් ඇති අතර, එහිදී මෙම සාජන්වරයා අනපේක්ෂිත ලෙස මහවැලි ගඟට වැටී අනතුරට මුහුණ පා තිබෙනවා.

ඒ අනුව අද (13) උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes