International13 July 2026

හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සැපයීමේ වගකීම තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය විසින් භාරගන්නා බවත්, එම තනතුරේ නාමයෙන් ඇමරිකාව තවදුරටත් "හොර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා" (Guardian of the Hormuz Strait) ලෙස හඳුන්වනු ලබන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.

ජනාධිපතිවරයා අවධාරණය කළේ හොර්මුස් සමුද්‍ර සන්ධිය සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත්, එය අඛණ්ඩව එලෙසම පවතිනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව "ඉරාන අවහිරය" (The Iranian Blockade) නමින් නව නාවික සීමා පැනවීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.

මෙම පියවරේ අරමුණ ඉරානයට අයත් නෞකාවලට හෝ ඉරානය සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට එම සන්ධිය හරහා ගමන් කිරීම වැළැක්වීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සෙසු සියලුම රටවල් සඳහා සමුද්‍ර සන්ධිය සාධාරණව සහ නිදහසේ භාවිතා කිරීමට අවස්ථාව පවතින බව ද ඔහු සහතික කර සිටිනවා.

එමෙන්ම, මෙම ඉතා අස්ථාවර කලාපයේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා දරන සියලුම වියදම් පියවා ගැනීම පිණිස "සාධාරණත්වයේ පදනම මත" (as a matter of faiess), හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ තොගවල වටිනාකමෙන් 20%ක ප්‍රතිශතයක් ගාස්තුවක් ලෙස අය කර ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති ට්‍රම්ප් පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes