කොළඹ නගරයේ ජනතාවගේ සෞඛ්‍ය සහ සුවතාවය උදෙසා මීට වසර 15කට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද සුප්‍රකට නිදහස් චතුරශ්‍ර ඇවිදින මංතීරුව (Independence Square walking path) මේ වන විට අතිශය අබලන් තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙම ස්ථානය දෛනිකව පරිහරණය කරන වයස්ගත පුද්ගලයන් ඇතුළු දහස් සංඛ්‍යාත සිවිල් ජනතාව මේ හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය නිල X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් පෙන්වා දෙන්නේ.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ, මංතීරුවේ ඇති ගල් කැට මතු වී රළු මතුපිටක් නිර්මාණය වීම නිසා ඇවිදින ජනතාව නිතර බිම ඇද වැටී තුවාල ලබන බවයි.
එමෙන්ම එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙනවිත් දමා ඇති පස් ගොඩවල් ද මාස කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන එලෙසම දමා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) කඩිනම් අවධානය යොමු කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටින අතර, ඊට ප්‍රතිචාර දක්වමින් නගරාධිපතිනිය සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව අදාළ විෂයභාර අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා වහාම දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
එහිදී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් යෝජනා කර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මෙම මංතීරුවේ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම සඳහා එය කොළඹ මහා නගර සභාව වෙත වහාම පවරා දිය යුතු බවයි.

Latest News
එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි
Local
14 July 2026
ඉන්දියාව ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය ගොඩනගයි
Local
14 July 2026
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026
ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට
Local
14 July 2026
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026
නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක්! - මන්ත්‍රී හර්ෂගේ යෝජනාවට ව්රායිගෙන් ප්‍රතිචාරයක්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026