එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාල නඩුව ලබන ඔක්තෝම්බර් මස 13 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) නියම කළා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධිය අද (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.
මෙහි විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
මෙහි සැකකරුවකුව සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ විට මියගොස් ඇති බව වාර්තා කෙරුණා.
සිද්ධිය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නිතීඥ උදාර මුහන්දිරම් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාල නිමල් පෙරේරා නමැත්තා වෙනුවෙන් තමන් අධිකරණයේ පෙනී සිටින බවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ එම තැනැත්තා තවමත් සැකකරුවෙකු ලෙස අල්ලස් කොමිසම මඟින් නම් කර නොමැති බවයි.
සිද්ධියට අදාල සැකකාරියක් වන ප්‍රියංකා නයෝමාලි වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ හර්ෂණ මාතරආරච්චි සඳහන් කළේ, ඇය විදේශ රටක පදිංචිව සිටින බැවින් රතු වරෙන්තු නිකුත් කිරීම පිළිගත නොහැකි බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
Latest News
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026
එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි
Local
14 July 2026
ඉන්දියාව ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය ගොඩනගයි
Local
14 July 2026
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026
ගෙවුණු දින 13ට ඩෙංගු රෝගීන් 14,572ක්: මරණ ගණන 48ක් දක්වා ඉහළට
Local
14 July 2026
රුපියලට පොඩි ටොක්කක්
Local
14 July 2026
ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට
Local
14 July 2026
වයඹ පළාත් වාර විභාගය කල්යයි
Local
14 July 2026
ඇඹිලිපිටියේ පුත්‍රයෙකු මව සහ පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි
Local
14 July 2026