General14 July 2026

ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ලොව හොඳම 50දෙනා අතරට

ලොව විශිෂ්ඨතම ආහාර සංචාරක ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙනවා.

ඒ, ට්‍රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ් ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව අනුවයි.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය ඉතාලියට හිමිව තිබෙනවා.

තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි.

ශ්‍රී ලංකාව එහි 50 වන ස්ථානයේ පසුවනවා.

ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes