දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) තීරණය කළා.
හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.
සිද්ධියට අදාලව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ අද (14) සිට අගෝස්තු (02) වැනිදා දක්වා වූ කාල සීමාව තුළ තම සේවාදායිකාවට එරෙහිව පවතින විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.
තම සේවාදායකයාට පෞද්ගලික හේතුවක් මත විදේශගත වීමේ අවශ්‍යතාවක් පවතින බැවින් විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් එලෙස ඉල්ලීම් කළේ.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී, තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණා.
Latest News
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026
රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ
Local
14 July 2026
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026
නිකන් දෙන්න ගෙනා පොහොර විකිණු මගඩිය: හිරු CIA හෙළිදරව්වේ තොරතුරුවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරියෙක්
Local
14 July 2026