ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර නුවරඑළිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිළධාරින් විසින් (14) දින දහවල් ගොඩගෙන තිබෙනවා.
මෙසේ ගොඩ ගනු ලැබූවේ, සරස්වති දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පරමානන්දන් කිසෝක් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙක්.
ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපරකන්ද වතුයායේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවා එම ඔයේ ගිලි (13) දින දියේ ගිලි ඇති අතර, එම සිසුවා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කලද, එය ව්‍යර්ථ වූ නිසා අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වුනා.
මියගිය සිසුවා ඊයේ (13) තවත් සිසුන් 09 දෙනෙකු සමග පාසල නිමි වි ආග්‍රාඔයේ මාළු ටැංකියට දැමීම සදහා ගල් එකතු කිරිමට ගොස් දිය නාමින් සිටියදී එක් වරම සිසුවා දියේ ගිලි අතුරුදහන් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසියේ නිළධාරියෙකු පවසා සිටියේ.
Latest News
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026
රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ
Local
14 July 2026
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026
නිකන් දෙන්න ගෙනා පොහොර විකිණු මගඩිය: හිරු CIA හෙළිදරව්වේ තොරතුරුවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරියෙක්
Local
14 July 2026