අන්තර්ජාල ව්‍යාපාරයක් සඳහා ඇරඹූ බැංකු ගිණුමකට මුදල් බැර කරවා ගනිමින් සිදු කරන ලද රුපියල් ලක්ෂ අටකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය පවසනවා.
මෙම වංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබූ බවත්, අන්තර්ජාල ව්‍යාපාරයක් ඇරඹීමට යැයි කියා සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් එක් කෝටි විසිහතර ලක්ෂ පනස්දෙදහස් දෙසීය අසූවක මුදලක් බැර කරවාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.
සැකකරු එම මුදලින් රුපියල් 824,004/= ක (අටලක්ෂ විසිහතරදහස් හතරක) මුදලක් වංචා කර ඇති බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකරු එම මුදලින් රුපියල් 824,004/= ක (අටලක්ෂ විසිහතරදහස් හතරක) මුදලක් වංචා කර ඇති බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙක්.
සැකකරු අද (14) ගල්ගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026
රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ
Local
14 July 2026
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026
නිකන් දෙන්න ගෙනා පොහොර විකිණු මගඩිය: හිරු CIA හෙළිදරව්වේ තොරතුරුවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරියෙක්
Local
14 July 2026
එයාර් බස් ගනුදෙනු නඩුව ඔක්තෝබර් 13 වැනිදා තෙක් කල් තැබෙයි
Local
14 July 2026
ඉන්දියාව ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය ගොඩනගයි
Local
14 July 2026
ක්‍රිප්ටෝ ගැන පාරම්බාපු ට්‍රම්ප්, සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කරලා: නවතම අනාවරණයකින් හෙළි වෙයි
Local
14 July 2026