General14 July 2026

අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන්න නියෝග

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බවට සහ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මතමුදාහැර ඇති චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොටුව පොලීසියට ඊයේ (13) නියෝග කළා.

සැකකාර චීන ජාතිකයන් 19 දෙනා සම්බන්ධයෙන් නඩුව කැඳ වූ අවස්ථාවේ මේ බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ලබන අගෝස්තු 31 වැනිදා ඔවුන්ට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙසට පොලීසියට දැනුම් දුන්නා

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ වාර්තා මෙතෙක් ලැබී නැති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

නඩුව කැඳවූ අවස්ථාවේදී චීන ජාතකයෝ 19 දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.
සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධි-කරණය හමුවේ කරුණු දැක්වුවා.
Related recommendation
Hiru TV News | Programmes