General15 July 2026

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීම සඳහා ලියාපදිංචි කෙරේ

මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් අලුතින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම ලියාපදිංචියත් සමඟ අදාළ රුසියානු සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,

ලබන 21 වැනිදා මෙරටට බොරතෙල් මිල දී ගැනීම සඳහා වන නව ටෙන්ඩරයක් විවෘත වීමට නියමිතයි.

අලුතින් ලියාපදිංචි වූ රුසියානු සමාගම් දෙකට ද මෙම ටෙන්ඩරය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලැබෙන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන්කර සිටියේ.

මෙම නව එකතු වීමත් සමඟ, මේ වන විට මෙරටට ඉන්ධන මිල දී ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති සමස්ත සමාගම් සංඛ්‍යාව 15කට ආසන්න වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes