General15 July 2026

අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත වූ කටාර්හි හිටපු අමීර් (Father Amir) ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි (Sheikh Hamad bin Khalifa Al-Thani) අභාවය වෙනුවෙන් කටාර්හි වත්මන් අමීර්වරයා හමුවී ලක් රජය ඇතුළු ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (15) කටයුතු කළා.

ඒ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය අද දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය (Lusail Palace) වෙත ගිය අවස්ථාවේදීයි.

එහිදී කටාර් අභ්‍යන්තර කටයුතු ඇමැති Qatar's Minister of Interior is His Excellency Sheikh Khalifa bin Hamad bin Khalifa Al Thani විසින් ඇයව පිළිගැනීම සිදු කළ අතර අනතුරුව කටාර් රාජ්‍යයේ අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි (HH the Amir Sheikh Tamim bin Hamad Al-Thani) හමුවුණා.

මෙම නිල හමුවට කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාඩ් අල්-තානි, අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල්-තානි මෙන්ම ෂූරා කවුන්සිලයේ කථානායක හසන් බින් අබ්දුල්ලා අල් ගානිම් ඇතුළු රාජකීය පවුලේ ඉහළ පෙළේ නියෝජිතයින් මෙන්ම අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ පුත්‍රයන් සහ රජ පවුලේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes