ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති (Hybrid Renewable Energy System - HRES) ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින්, එම දූපත් 'හරිත බලශක්ති දූපත්' ලෙස ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසර සඳහා වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර, ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ එම සාකච්ඡාවේදීයි.
මෙහිදී බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසර තුළ අවසන් කළ හැකි ව්‍යාපෘති මෙන්ම ඉදිරි වසර සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන පිළිබඳව ද පුළුල් ලෙස විමසා බැලීමට කටයුතු කළා.
එමෙන්ම, පසුගියදා ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ අතරමග නතර කිරීමට සිදු වූ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ආධාර යටතේ ආරම්භ කළ බලශක්ති ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා.
දැනට ක්‍රියාත්මක කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය (220 kV), සාම්පුර් - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය, නව හබරණ - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය (CEATP), පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම වහල මත සවිකරන සූර්ය බලශක්ති එකතු කිරීමේ සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project) ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන පෙළේ ව්‍යාපෘති රැසක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටියා.

Latest News
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026