General17 July 2026

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු අද (17) උදෑසන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, අද උදෑසන කාලයේදී මාලබේ පොලිස් වසමේ, පරාක්‍රම පාර, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේදී මෙම වෙඩි වැදීම සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයාව වහාම නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට (මුල්ලේරියාව) ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මියගිය හිටපු පොලිස්පතිවරයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැනට නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි පුළුල් විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිස් ස්ථානය ඒකාබද්ධව සිදු කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරනු ලැබූ අතර, 2020 නොවැම්බර් 27 වැනි දින සිට 2023 නොවැම්බර් 23 වැනි දින දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes