හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු අද (17) උදෑසන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, අද උදෑසන කාලයේදී මාලබේ පොලිස් වසමේ, පරාක්‍රම පාර, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේදී මෙම වෙඩි වැදීම සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයාව වහාම නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට (මුල්ලේරියාව) ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මියගිය හිටපු පොලිස්පතිවරයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැනට නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි පුළුල් විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිස් ස්ථානය ඒකාබද්ධව සිදු කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරනු ලැබූ අතර, 2020 නොවැම්බර් 27 වැනි දින සිට 2023 නොවැම්බර් 23 වැනි දින දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.

Latest News
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026