General18 July 2026

පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී

ග්‍රහලොවක් වටා පවතින පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන තත්ත්වයන් සහිත ලෝකයේ පැවතිය හැකි බවට මෙතෙක් ලැබී ඇති ශක්තිමත්ම සාක්ෂිය මෙම සොයාගැනීම බවයි එම පර්යේෂකයින් පවසන්නේ.

එහි හීලියම් වායුව හඳුනාගෙන ඇති අතර හීලියම් ජීවයට ආධාර නොකළද ඊට පහළින් වෙනත් වායූන් ද පැවතීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48 ක් දුරින් පිහිටා ඇති අතර, එය සූර්යයාට වඩා කුඩා සහ සිසිල් රතු තරුවක් වටා කක්ෂගත වන බවයි සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes