ශ්‍රී ලංකාවේ වැඩි වටිනාකමකින් යුත් වාණිජ බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම හේතුවෙන් වගාකරුවන් සහ ප්‍රාදේශීය වතු සමාගම් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මෙය රටේ ආර්ථිකයට එල්ල වී ඇති තර්ජනයක් ලෙස සලකා වහාම පියවර ගන්නා ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
ගම්මිරිස්, ඉඟුරු, කරදමුංගු, කුරුඳු, වැනිලා, අලිගැටපේර ඇතුළු වටිනා බෝග මෙලෙස සංවිධානාත්මක කණ්ඩායම් විසින් සොරකම් කරනු ලබනවා.
විශේෂයෙන්ම පසළොස්වක පොහොය දින ආශ්‍රිතව සඳ එළිය පවතින රාත්‍රීන්හිදී විදුලි පන්දම් පවා භාවිත නොකර පැය කිහිපයක් ඇතුළත විශාල වගා භූමි ප්‍රමාණයක් ශුද්ධ කිරීමට මෙම සොරුන් කටයුතු කරන බවත්, සොරකම් කළ අස්වැන්න නීති විරෝධී වෙළඳ ජාලයන් වෙත යොමු කිරීමෙන් පසු සෙවීම අපහසු වන බවත් සඳහන්.
මෙම සොරකම් හේතුවෙන් ඇතැම් වතු සමාගම් සිය වගාවන් සුරක්ෂිත කරගැනීම සඳහා මාස 3 ක කාලයක් තුළ එක් බෝගයක් උදෙසා පමණක් රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන අතර අධික පිරිවැය සහ සොරකම් හමුවේ ඇතැම් වගාකරුවන් නව වගා ව්‍යාපෘති පවා අතහැර දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
වත්මන් නීතිය යටතේ කෘෂිකාර්මික සොරකම් සඳහා පවතින දඬුවම් සහ දඩ මුදල් ඉතා අවම මට්ටමක පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන වැවිලිකරුවන්ගේ සංගමය, නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත්, සොරකම් කෙරෙන බෝග අලෙවි වන ජාලයන් නියාමනය කිරීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Latest News
භාණ්ඩ හා සේවා අපනයනයෙන් මුල් මාස 06ට ඩොලර් බිලියන 9.012ක ආදායමක්
Local
22 July 2026
ඩෙංගු රෝගීන් 78,000 පනී
Local
22 July 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළි රිමාන්ඩ්
Local
22 July 2026
කොල්ලුපිටියේ කෝටි දෙකේ මංකොල්ලය: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග
Local
22 July 2026
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංර්වධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ
Local
22 July 2026
"සීතා දේවියට රඟපාන්න භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලාගත්තා" : ආන්දෝලනාත්මක 'රාමායණය' චිත්‍රපටයේ සීතා දේවියගේ චරිතය ගැන සායි පල්ලවී කට අරියි
Local
22 July 2026
පෝයට කරන සංවිධානාත්මක බෝග සොරකම් නිසා වගාකරුවන් දැඩි අර්බුදයක
Local
22 July 2026
රුපියල් මිලියන 50කට අධික අනවසර ජංගම දුරකථන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 July 2026
ආහාර මිල ඉහළ යාමත් සමග ජූනි මාසයේ උද්ධමනය 6.5% දක්වා ඉහළට
Local
22 July 2026
යෝෂිත රාජපක්ෂගේ අභියාචනයට නීතිපතිගේ විරෝධය
Local
22 July 2026