General22 July 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

මෙම වසරේ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 78,125 ක් ලෙස දැක්වෙන අතර මරණ සංඛ්‍යාව 56 ක්.

ගත වූ පැය 24 කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1097 වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ මීට සති කිහිපයකට පෙර ඉක්මවා ගිය රෝහල් ධාරිතාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

එසේම, රෝහල්වලට රෝගීන් ඇතුළත් කර නොගන්නා බවට පළ වන පුවත් අසත්‍ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

#HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Related recommendation
Hiru TV News | Programmes