රුධිර පරීක්ෂාවක් සඳහා නියමිත උපරිම මිල ඉක්මවා ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන 03ක දඩයක් අය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ලැබුවා.
එම අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් නියමිත උපරිම ගාස්තු පනවා තිබෙනවා.
ඒ අනුව, Full Blood Count හෙවත් FBC නමැති රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400ක් ලෙසයි දක්වා ඇත්තේ.
කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක එම පරීක්ෂාව සඳහා රුපියල් 550 ක බැගින් අය කර ඇති බව පසුගිය 13 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී අනාවරණය කරගෙන තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර එය පෙරේදා කැඳවූ අවස්ථාවේදී විත්තිකාරු වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියන 03ක දඩයක් නියම කරනු ලැබුවා.
එමෙන්ම සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස ද අධිකරණය නියෝග කළා.
පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ගෙවනු ලබන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගික සේවා අධිකාරිය ඉල්ලීමක් කරනවා.

Latest News
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
Local
24 July 2026
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ - අවසන් දිනය අගෝස්තු 17
Local
24 July 2026
අමෙරිකාවේ නව බදුවලින් ඇඟලුම් ක්ෂේත්රයට බලපෑම්
Local
24 July 2026
ඉන්දියාවෙන් යළි සාර්ථක මිසයිල අත්හදා බැලීමක්
Local
24 July 2026
ඩෙංගු රෝගීන් 80,000 පනී: මරණ 59 දක්වා ඉහළට
Local
24 July 2026
ජූලි 30 සහ 31 සේවක අර්ථසාධක අරමුදලේ සේවා නවතී
Local
24 July 2026
කොළඹ 07 කෝටි ගණනක් වටිනා ඉඩමක් කුණු කොල්ලයට ලියාපදිංචි කිරීමේ ජාවාරමක් අධිකරණයේදී හෙළිවෙයි
Local
24 July 2026
පිල්ලෙයාන් අගෝස්තු 4 දක්වා යළි රිමාන්ඩ්
Local
24 July 2026
ජූනි මාසයේ තේ අපනයනය පහත බසී
Local
24 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.79
Local
24 July 2026