International24 July 2026

බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

ඒ, ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමගයි.

2024 වසරේදී පැවැති ශිෂ්‍ය විරෝධතාවලදී පුද්ගල ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ හිටපු අගමැතිනියට එරෙහිව මරණ දඬුවම නියම කර ඇති අතර එම නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බවටයි හසීනා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයක් සිදුකර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes