General23 July 2026

අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළට

මිලි ලීටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.

එසේ මිල ඉහළ නංවා ඇත්තේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් බවයි ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව එහි නව මිල වන්නේ 3700ක්.

එම වර්ගයේ මිලිලීටර 375ක බෝතලයක මිලද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 1860ක්.

කෙසේ වෙතත් මිලිලීටර 180ක බෝතලයක මිලෙහි වෙනසක් සිදුකර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes