General23 July 2026

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාලව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

තවද මෙම සිද්ධියට අදාල පලමුවන සැකකරුවන අජිත් ප්‍රියන්ත යන සැකකරුව මෙම සිද්ධියට අදාල දෙවන සාක්ෂිකරුවන අසංග සංජිව යන නමැත්තා විසින් හඳුනා ගනු ලැබුවා.

ඒ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී අද (23) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමෙන් පසුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් සිව්දෙනාද ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

සිද්ධියට අදාල නඩුව ලබන 27 කැඳවීමට නියමිතයි
Related recommendation
Hiru TV News | Programmes