General24 July 2026

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල අද (24) උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

උතුරු, උතුරු - මැද පළාත්වලත්, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes