වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය පරිශීලකයින්ට සටහන් (Posts) පළ කිරීම, අදහස් දැක්වීම (Comments) හෝ ප්‍රතිචාර දැක්වීම (Reactions) තහනම් කිරීමට වියට්නාමය සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය නිරීක්ෂණය කළ කෙටුම්පත් නියෝගයක දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යෝජිත නීතිවලට අනුව, අවුරුදු 16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්, දෙමව්පියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ තොරතුරු භාවිත කරමින් ලියාපදිංචි කළ යුතු අතර, එම වේදිකා තුළ නරඹන අන්තර්ගතයන් සහ ගතකරන කාලය අධීක්ෂණය කිරීමේ වගකීම එම දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට හිමිවෙනවා.
මේ අනුව, ළමා පරිශීලකයින් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ වයසට ගැළපෙන අන්තර්ගතයන් පමණක් බෙදාහැරීම තහවුරු කිරීමට සමාජ මාධ්‍ය සමාගම් විසින් තාක්ෂණික පියවරයන් භාවිත කළ යුතු බවයි වියට්නාමය සඳහන් කරන්නේ.
"මෙහි ප්‍රධාන අරමුණ ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ අධික ලෙස සීමා කිරීම නෙවෙයි. ළමයින් සමාජ මාධ්‍ය භාවිත කරන විට, ඔවුන් ඔවුන්ගේ වයසට ගැළපෙන පරිසරයක සිටින බවත්, නුසුදුසු අවදානම්වලින් ආරක්ෂා වන බවත්, තහවුරු කිරීමයි," යනුවෙන් එරට නියෝජ්‍ය සංස්කෘතික අමාත්‍ය ෆාන් ටම් (Phan Tam) පවසා තිබෙනවා.
සමාජ මාධ්‍යවලට අමතරව, අන්තර්ජාල ක්‍රීඩා සඳහාද නව සීමාවන් පැනවීමට වියට්නාමය යෝජනා කර ඇති බව එම කෙටුම්පතේ සඳහන්.
එහි දක්වා ඇත්තේ, වීඩියෝ ක්‍රීඩා මෙහෙයවන්නන් විසින් පරිශීලකයින්ගේ වයස තහවුරු කළ යුතු අතර, අවුරුදු 16ට අඩු ගිණුම් දෙමාපියෙකු හෝ භාරකරුවෙකු හරහා ලියාපදිංචි කළ යුතු බවයි.
තවද එකම සමාගමකින් ලබාදෙන ක්‍රීඩාවල අවුරුදු 16ට අඩු ළමුන්ට දිනකට සෙල්ලම් කළ හැකි කාලය විනාඩි 60කට නොවැඩි වන සේ සීමා කළ යුතු බව ද වියට්නාමය සඳහන් කර තිබෙනවා.
මෙම කෙටුම්පත් නියෝගය තවමත් අවසන් කර නොමැති අතර, සම්මත කිරීමට පෙර සංශෝධනය වීමටද ඉඩ ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

Latest News
කෝටි එක හමාරක පමණ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Local
27 July 2026
මාලිම්බඩ වේරගොඩ හන්දියේදී ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී කතක් ජීවිතක්ෂයට
Local
27 July 2026
ගොතටුවේ මාරක අනතුරක්
Local
27 July 2026
නිලාවේලි මුහුදු තීරයේ නෑමට ගිය නෙදර්ලන්ත ජාතිකයෙක් දියේ ගිලී මරුට
Local
27 July 2026
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
Local
27 July 2026
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
Local
27 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
Local
27 July 2026
ඩෙංගු මරණ 61යි - 47ක්ම කාන්තාවන්
Local
27 July 2026
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ වෙළෙඳුන් දෙදෙනෙක් කටුනායකදී දැලේ
Local
27 July 2026
ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
Local
27 July 2026