General25 July 2026

බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි 55 හැවිරිදි අවන්හල් හිමිකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත අද ඇතුළත් කරනු ලැබුවා.

තුවාල ලද පුද්ගලයා ඔහුගේ අවන්හල ඉදිරිපිට රැඳී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හෝ වෙඩි ප්‍රහාරය එල්ල කර ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති බව මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes