හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පිහිටි බීම කෑන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක රැකියාව කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇතැයි හොරණ මුලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ බ්‍රිජේෂ් කුමාර් නැමති 26 හැවිරිදි විදුලි කාර්මික ශිල්පියකු ලෙස එම කර්මාන්ත ශාලාවේ රැකියාව කළ තරුණයෙක්.
මෙම තරුණයා පසුගිය 08 වන දින හුස්ම ගැනීමේ අපහසුතාවය මත හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉකුත් (12) වැනිදා සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔහු පසුගිය මාර්තු මාසයේ මෙරටට පැමිණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නවාතැනක නතර වී රැකියාව සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේද ගුණවර්ධන විසින් මේ පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර එහිදී මෙම මරණය නිව්මෝනියා තත්වය හේතුවෙන් සිදුවූවක් බවට අනාවරණය වුණා.
මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලය දැනුවත් කළ බව ද පොලිසිය පැවසුවා.
හොරණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (33358) සමරවීර ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා.
Latest News
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026
භෞතික සංවර්ධනයට වඩා රටකට වැදගත් වන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනයයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 July 2026
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026