ත්‍රීරෝද රථයක් තුළ ගමන් කරමින් වස සහ ඇසිඩ් වැනි ද්‍රාවණයක් අඩංගු බෝතල දෙකක් අතැතිව, එකිනෙකා ඝාතනය කර තමනුත් මියයන බවට දඹර කරගත් අඹුසැමි යුවළක් ඊයේ (29) අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හා 37 හැවිරිදි තිදරු අඹුසැමි යුවළක්.
මෙම යුවළ සමඟ ඔවුන් සන්තකයේ තිබූ වස සහ ඇසිඩ් ද්‍රාවණ අඩංගු යැයි කියූ බෝතල් දෙකක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව වසර ගණනාවක සිට සැමියා සහ දරුවන් අතහැර දමා කොළඹ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිට ඇති බවත් සැමියාද ඇය පිළිබඳ සොයමින් කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කර ඇති බවටත් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
ඊයේ (29) රාත්‍රියේ මෙම කාන්තාව මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක පැමිණ ඇති අතර, සැමියාද හොර රහසේ ඇය පසුපස පැමිණ එම බස් රථයේම පිටුපස අසුනක වාඩි වී පැමිණ ඇතැයි පොලිසිය පවසනවා.
ඇය පානදුර නගරයෙන් බස් රථයෙන් බැස ත්‍රීරෝද රථයකින් හිරණ මාර්ගය හරහා කැස්බෑව නගරයට ගමන් කිරීමට කටයුතු කර ඇති අතර, ඔහුද එම ත්‍රීරෝද රථයට ගොඩ වී මෙලෙස ආරවුල් ඇති කරගෙන තිබෙනවා.
එහිදී සැමියා විසින් වස බෝතලයක් පෙන්වා ඇයටත් පොවා තමනුත් එය පානය කරන බව පවසා ඇති අතර, කාන්තාව ඇගේ බෑගයේ තිබී ඇසිඩ් බෝතලයක් ගෙන ඔහුට එයින් පහර දී තමන්ද දිවි නසා ගන්නා බව පවසමින් ආරවුල් ඇති කරගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
මේ නිසා රාත්‍රී 11.30ට පමණ ත්‍රීරෝද රථ රියදුරු විසින් ළඟම තිබූ හිරණ පොලිසිය වෙත ත්‍රීරෝද රථය නතර කර ඔවුන් එහි ඇරලවා පලා ගොස් තිබුණා.
එහිදීද ඔවුන් ආරවුල් ඇති කර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.
සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන හිරණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
Latest News
කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
Local
01 August 2026
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Local
01 August 2026
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
Local
01 August 2026
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්
Local
01 August 2026
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්‍රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026