General31 July 2026

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අදාළ තීරණය හරහා අල්ලස් පනතේ ප්‍රතිපාදන කිහිපයක් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින්.

මේ අතර ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලය ද පැරිස් නුවර පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී, සම්මත කරගත් යෝජනාවකින්, මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පළ කළ විරෝධයට සිය පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා යොමුකළ ලිපිය උපුටා දක්වමින් ප්‍රංශ ජාතික නීතීඥයින් පෙන්වාදී ඇත්තේ මෙම අවස්ථාවේදී අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස ඉහළ නැංවීම, අධිකරණයට අයුතු ලෙස ඇඟිලි ගැසීමේ පැහැදිලි උත්සාහයක් ලෙස ජනතාව දකිනු ඇති බවටයි.
Related recommendation
Hiru TV News | Programmes