General02 August 2026

මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහර බන්ධනාගාරයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර තත්ත්වය සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් පවසනවා.

කෙසේ වෙතත්, රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 03කට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එලෙස පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාගම පොලිස් බල ප්‍රදේශයේ කැන්දලියැද්ද - උතුර, කැන්දලියැද්ද - බටහිර සහ දඹුව යන ග්‍රාම සේවා වසම් කොට්ඨාස වෙතයි.
Related recommendation
Hiru TV News | Programmes