General03 August 2026

උඩුනුවර, යටිනුවර ඇතුළු ප්‍රදේශ රැසක මහවැලි පහත්බිම්වලට ගංවතුර අවදානමක්

අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගංඟා ද්‍රෝණියේ පහත්බිම් රැසකට ගංවතුර අවදානමක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ සහ ගඟවට කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes